කතා කරන ඇස්
දිගම දිග දවස් මේ ගෙවී යන්නෙ හරිම හෙමිහිට හැම දෙයක්ම එකතැන නතර වෙලා සොබාදහම ඇරෙන්න ඉතින් මේ වසංගත කාලෙට කලින් එක වැහිබර දවසක මට හමුවුණා කතා කරන ඇස් දෙකක් ඔව් කතා කරන ඇස් දෙකක් වැස්ස පායනකල්ම පුස්තකාලෙ පඩිපෙළ ළඟට වෙලා ඒ ඇස් ගොඩක් දේවල් කීවා මං හිටියෙ බය වෙලා කිසිම දෙයක් හිතා ගන්න බැරුව මං කලින් දැකලා තිබුනෙ නෑනෙ කතා කරන ඇස් වැස්ස තුරල් උනාට පස්සෙ මං හෙමීට කුඩෙත් දාගෙන ඇවිදගෙන ආවා ඒත් මොකක්දෝ මන්දා හේතුවකට මං ආයෙම හැරිලා බැලුවා නෑ මට හැරිලා බැලුනා මං දැක්කා දිලිසෙන ඇස් දෙකක් මූණ පුරා ඉහිරුණ හිනාවක් ඒත් මට මතක නෑ මං ආයෙම හිනා උනාද කියන්න (පිංතූරය අන්තර්ජාලයෙනි)