නුඹේ හමුවීම ම සිහිනයකි
නුඹව සිහිකරමි මතක අස්සේ කිමිදෙමි එදවස් යලි නේන බව දනිමි එහෙත් මම පතමි දකී නුඔ නිතර යනෙනු ඔබමොබ මුනගැසෙන ඇසිල්ලක සිනහ රැලි පාවෙයි දෙපස ඇසින් ඇස හමුවනා විටදි කියනා කතා බොහෝ දේ පවසනා විලස එය නොදැනෙනා දෙදෙනාම ඉන්නවා දිනෙක අප හමුවේද කතාවක් ලියැවේද කිසිත් කිසිදා නොදැන දිනෙක අප වෙන්වේද හිමි වුවද නොවූවද හමුවීම පමණක්ම ඇතිය මට සැනසෙන්න නුඹෙ මතක කිසිදාක හදවතෙහි නොමැකේය 💜️