Posts

Showing posts from May, 2021

වෙසක් සඳ

බෝ අතු සිලි සිලියේ වෙසක් පහන් දිලුනේ තෙමගුල සිහි කෙරුනේ බුදු හිමි ගුණ ගැයුනේ   වෙසක් සදේ සඳ එළියෙන් ලොව       නැහැවෙනවා තුරු වැල් පිස සීත සුළං දසත             හමනවා වෙහෙර මළුව සිල් සුවඳින් ඉතිරී      යනවා බෝ සමිදුගෙ සෙවණින් කරුණා        ඉතිරෙනවා        

නේවාසිකාගාරයේ සිට ලියමි

Image
 සබරගමු අහස් කුස පිරි නේක තරු රටා රජරට අහසටත් පේනවද ඒ වගෙම  පෙර වගේ බෑ දැන්  නිතර දොඩමළු වෙන්න  ඉතින් මං හැමදේම  අද කීවා තරු එක්ක  වෙනදා තිබු සැහැල්ලුව  හොරු අරන් ගොස් වගේ ඉස්පාසුවක් නැතිව ගෙවී යයි ජීවිතේ  සුළග හා මුමුණපු  විදාහල කොණ්ඩය   බදිමි ගුලි කර  ශ්වේත පැහැ ඔසරියට ප්‍රසන්ටේෂන් අසයිමන්ට් මැද දින ගෙවෙයි නොදැනීම  අලුත් ජීවිතය මට  බොහෝ දේ උගැන්විය  විඩාබර දවස් ඇත  අනේ මට බෑ හිතෙන  ඉතින් ඒ වෙලාවට  නුඹෙ වදන් සිහි කරමි හැම රෑම  නුඹෙ දුරබනුව  මා නමින් නොහැඩුවට  එපා අහිතක් හිතන්නට දම් පාට හදවතක්  වට්ස් ඇප්හි අමුණමි හැමදාම නුඹෙ නමට                  💜️