Posts

Showing posts from 2018

මං ගැනම තරහයි

Image
                                                                                      ඇත්තමයි දැන් මට මං ගැනම තරහයි ඇයි මට බැරි වුනේ ඔය කෙහෙ රැළි අතර දැවටෙන සුළඟ වෙන්නට නුඹෙ නළලෙ තිලකයත් මට වඩා වාසනාවන්තයි ඔය තෝඩු පවා මට ඔච්චම් කරන ගානයි මට ඕනෙ නුඹේ සිනහවට හේතුව වෙන්න ඔය රතු වෙන කම්මුල් දිහා හැමදාම බලන් ඉන්න

බෝම්බ මැද පිපුණු රෝස

ඈ ආවෙ වෙෙරයෙන් දැවි දැවී මරාගෙන මැරෙන්න ඒත් ඇයට උනේ සයනයිඩ් කරල විසිකර මංගල සූත්‍රය පළදින්න නළලතේ සිංදූර් තවරන්න ආදරෙන් මත් වෙන්න ගිනි අවිය වෙනුවට ඔහුගෙ දරුවෙක් ඇකයෙ නළවන්න ඉතින් ඔන්න ඔහොමයි බෝම්බ පුපුරද්දි පවා රෝස මල් පිපුනෙ                                                                                        

අමතක නොවන මතක

Image
අතීතේ මතක තවම හිත දවනවා වැරදුනේ කොතනදැයි ටිකෙන් ටික දැනෙනවා මට මාව අමතකව ගිය බවක් හැඟෙනවා දැන් ඊට දුක් වීම පලක් නෑ දන්නවා උගත් පාඩම් එයින් මතකයේ තියෙනවා                                            

වාසුකී

Image
නුඹ වරල සැරසූ එ් පිච්ච මල් සුවඳ මට තවම දැනෙනවා නුඹෙ පාද කිංකිණිත් තවම මට ගී ගයනවා ඒ වළලු හඬ පවා තවම මට ඇසෙනවා වාසුකී නුඹ මගේ මතකෙන් යන්නෙ නෑ මං දන්නවා                                                                                                                                                          

ඉමිහිරිම රහසක්

Image
ඔව් ඒක රහසක් කවුරුත්ම නොදන්න අපි දෙන්න හැරෙන්න අපි අපිට පෑ සිනා ඇස් වලින් කළ කතා දන්නෙ අපි විතරමයි එකම පැහැ ඇඳුම් අහඹුවක් නොවන බැව් දන්නෙ අපි දෙන්නමයි හිටි හැටියෙ ඇවිලෙන මහ රණ්ඩු වුව රැවුම් ගෙරවුම් කෙටි පණිවුඩ මැදින් නිවී ගියයුරු මිහිරිතම මතකය ඉතින් තව ටික කලක් මෙය ගලා යා යුතුය කවුරුත්ම නොදැන ඉමිහිරිම රහසක්ව                                                                                                                                

වරදින්නම ඕන‍ෙ හරියන්න

Image
වරදින්නම ඕන‍ෙ වැටහ‍ෙන්න තමන්ට තමන් හැර ව‍ෙනකෙකු නැති බව ඇති දා ළඟ උන් අය නැති දා බෝ ඈතයි නිතර නද දුන් දුරබනුව කෝ කොහිද අද නිහඬයි  සබඳ මෙය නොවෙද හොඳම කල හදුනාගන්න අනෙකුන් සේම ඔබව කවුරුන්ද යන වග සැබැවින්ම ඉතිං වරදින්නම ඕන‍ෙ හරියන්න                                        

එ් තමයි මොහොත

Image
කලබලම සති අන්තෙක පොතක වග සොයන්නට පිවිසුනෙමි පොත්ගුලට ඇවිලු පන්දම නිවෙන්නට පෙර ගමන් යන මගියෙක් විලාසෙට ගියෙමි සුපුරුදු රාක්කය වෙත වාඩි වී රාක්කය පාමුල නුඹ හිදී දැහැනකට සමවැදී මෙන් පොතක් තුල ගිලීගෙන එ් තමයි මොහොත නුඹෙ දෑස් හා මා දෑස් ගැටුණ මහ දවාලක අකුණු පිපිරුණ                                          

හ්ම්ම්ම්ම්ම්ම්..............

Image
ඔහොම මං දිහා බලන් උන්නාම මං නුඹව සිප ගනීවියි හිතන්න එපා කෝ ඉතිං අහකට වෙන්න මට දැන් යන්න ඔනේ හරි මං හාදුවක් දුන්නයි කියමු බැරි වෙලාවත් නුඹ කුමාරයෙක් නොවුණොත්                                          

නිල් පාට ඇස් දෙක

බලන හැම අත පෙනෙයි ඔය රුව කියන් නුඹ කළ ඉන්ද්‍රජාලය පෙනෙන සිහිනත් නුඹම අරගෙන සිතේ පැතුමන් නුඹේ නමටම පියවි සිහියත් මගේ නැති කර සිහින ලෝකෙක මාව තනිකර දුර ගිහින් නිල් පාට ඇස් දෙක                                        

අම්මා ගෙදර නැති දවසට

ඔබ නොමැති එක් දිනක් කල්පයක් තරමට දිගුයි එකම එක දෙයක්වත් නිසි පරිදි සිදු නොවෙයි කකුල් ඇවිදින් බඩු මුට්ටු සෑම අතකම දිවෙයි තෙමි තෙමී වියලෙමින් රෙදි වැලක් සුළඟට සැලෙයි කොස්ස ඉදලට අද නිවාඩුයි ලිපත් ඇවිලී නැති හැඩයි ඇගේ අංකයම ගනිමින් දුර බනුවටත් වැඩ ගොඩයි ටු ඩූ ලිස්ට් එක දෙස බලාගෙන තාත්තා එහෙ මෙහෙ දුවයි ගෙනා ලෙසටම පත්තරය අර මේසෙ උඩ තවමත් තියෙයි ආච්චි සීයා බලාලා යලි හෙට උදේ අම්මා එතී යකුන් නැටු පිටියක් විලාසෙට නිවස හැඩ වී ඇතී

මං දන්නෙ නැහැමයි

                       බහින විට හනි හනික පොත්ගුලේ පඩිපේළි මටත් නොදැනී නැගුණු පාවහන් යුගලෙහි නාදය නුඹෙ දැහැන් බිදි බවක් මං දන්නෙ නැහැමයි වීදුරු දොරට එපිටින් ඔය නෙත් දකින තුරු

මම රිසී

Image
නුඹේ කවි පද හැඩ ඇතී හදේ ලියවී ඇතී සප්ත ස්වර මුසු වෙවී ගැයෙන විට මම රිසී තතින් තත පිරිමැදී වයලීනයේ ඔබේ මියුරු ස්වර මැවි මැවී වැයෙන විට මම රිසී                            

ඒ හසරැල්ල

Image
කහ ඉරක් නොපෙනෙනා මානෙක පාර පැනගත නොහැකිව ලතවමෙින් සිටිද්දී මම නුඹ පැමින පසෙකින් සිටගත් පසු ඉහල ගත් හුස්ම පහත දැමිය හැකිවීය මට හිනා මල් ස්තූතියක් පෑමට බැලූමුත් මුව එරෙව්වෙමි මා ඒ ඔච්චම් හිනාවට ගියමුත් අපි එක්ව පාරේ අනෙක් පසට වෙන්ව යායුතු බැව් හැඟුන විට දෙපසකට නුඹ පෑව ඒ හසරැල්ල අමතක කරනු බැරිවීය තවම මට                                  

වසන්තය

Image
වසන්තය ඒවි නොසිතූ මොහොතක දිවි උයනේ මල් පූදන්නට පියාඹා යාවි සමනලුන් ඇසේවි නුඹට උන් තටු සලන හඬ බලා හිදීවි මද නළත් නුඹව සිප ගන්න වෙනදාට ඇසෙන කුරුලු කිචිබිචිය ඇසේවි මිහිරි ගී තනුවක්ව ඉතින් හැර තබා දොර පියන් සැරසෙන්න වසන්තය ආයුබෝවන් කියා පිළිගන්න                                              

නුඹ පැළැන්දූ ඒ මුදුව

Image
  වික්ටෝරියා උයන හුරු පුරුදු තුරු සෙවන නෙත ගැටෙනවා තවම නුඹ එක්ක කළ සංවාද වල මතක පිටු පෙරලෙයි හනික මැරින් ඩ්‍රයිව් දිගේ නුඹ නැතිව අද ඇවිද යමි මම ඇසෙනවා මෙනි නුඹෙ සිනා හඬ දකින විට නිරතුරුව නුඹ පැළැන්දූ ඒ මුදුව රිදුම් දේ හදවතම මුදුව සිප ගත්ත ද බේරෙ වැව් පතුල නුඹ තවම සිප ගනී මගේ හද පත්ල                                                                                                     

ඇයි

Image
ඇයි මං හිනා නොවුනෙ ඇයි මං ආයෙම නොබැලුවෙ ඇයි මේ කිසිදා නොදැනුනු පසුතැවීමක් දැනෙන්නෙ ඇත්තටම ඇයි මෙහෙම හිතෙන්නෙ