මේ ලියන්නේ නුඹටයි
මේ කවිය නුඹට වග දන්නවා නම් අපිට තමයි කවුරුත් කවි ලියන්නෙ නැත්තෙ යැයි නෝක්කාඩු නොකියාවි තවත් ඉතින්, මේ ලියන්නේ නුඹටයි මහා දෝමනස්සයක් අසීරුවෙන් දරා සිටිනා වග දනිමි මා පතන්නේ කෙසේ හෝ සුවපත් වීමම පමණි අතීතය සිහිනයකියි බැහැර කළ නොහැකි බැව් ඉදහිටක ලියැවෙන රිදුම් ඇමිණූ නුඹෙ වදන් පවසයි හරිත පැහැ තුරු ලතා සතා සීපාවන් අතර නුඹ නිවෙනවා නම් මට ද අවැසි එයමැයි නුඹේ කාචයට හසු වන නෙක දසුන් නෙතට රසදුනක් බව කිව යුතුය ජීවිතේ ඔහොමයි දුක සැප සමබරයි ලැබීම් නොලැබීම් උරුමයි දරා ඉමු සීරුවට සැනසීම නියතයි ඉතින් සුහද , මේ වර්ග කිලෝමීටර් හැටපන්දාහ ඇතුලෙ සමහරවිට අපි හමුවේවි . ඒ නැතත් කොහේ හෝ සිට නුඹේ දෙස බලා සිටිනා වග කියමි .