At least you had to say Goodbye
හුදෙකලා මාවතක ඇවිද යන අතරතුර තරු එළියක් නෙත ගැටුනි මං සලකුණක් ලදිමියි තුටු උනෙමි එය කෙමෙන් කෙමෙන් මා සමග ඇවිද යන්නට විය මග කියන්නට විය ඉතින් මා සොම්නසිනි තනිකම පලා යනවා දුටිමි ඒත් ටිකෙන් ටික තරු එළිය දුරස් වන්නට විය දොම්නස් වලාවන් සිත වෙලාගන්නට විය පුරුදු තනිකම ළග රැදෙන්නට විය තරු එළිය වියැකුනි සමු ගැනීමක් නැතිවම යන්නට කාරණා නොකියා ම තාමත් ඉදහිටක අහස දෙස බලමි කදෝකිමි එළියක්වත් නොපෙනෙනා විට සන්‍තාපයෙන් පසුවෙමි