Posts

Showing posts from July, 2021

කතා කරන ඇස්

Image
 දිගම දිග දවස් මේ ගෙවී යන්නෙ හරිම හෙමිහිට හැම දෙයක්ම  එකතැන නතර වෙලා  සොබාදහම ඇරෙන්න ඉතින්  මේ වසංගත කාලෙට කලින් එක වැහිබර දවසක  මට හමුවුණා කතා කරන ඇස් දෙකක්  ඔව්  කතා කරන ඇස් දෙකක් වැස්ස පායනකල්ම  පුස්තකාලෙ පඩිපෙළ ළඟට වෙලා ඒ ඇස් ගොඩක් දේවල් කීවා මං හිටියෙ බය වෙලා කිසිම දෙයක් හිතා ගන්න බැරුව මං කලින් දැකලා තිබුනෙ නෑනෙ  කතා කරන ඇස්  වැස්ස තුරල් උනාට පස්සෙ  මං හෙමීට කුඩෙත් දාගෙන ඇවිදගෙන ආවා  ඒත් මොකක්දෝ මන්දා හේතුවකට මං ආයෙම හැරිලා බැලුවා නෑ මට හැරිලා බැලුනා මං දැක්කා දිලිසෙන ඇස් දෙකක්  මූණ පුරා ඉහිරුණ හිනාවක්  ඒත් මට මතක නෑ  මං ආයෙම හිනා උනාද කියන්න                               (පිංතූරය  අන්තර්ජාලයෙනි)