Posts

Showing posts from 2026

ස්ට්‍රෙස්මය ජීවිතය

Image
 පාන්දර හතරට ඇහැරීම යාර හයකින් සැරසීම හයේ කණිසමට නික්මීම දැන් හරිම සාමාන්‍ය කාරණා මරණීය බස්‍ රථ චාරිකා  කන් බිහිරි වන ගායනා  අතරතුර නිදා වැටීම හරිම සුපුරුදු කාරණා මෙයද මා සිහින දුටු ජීවිතය යැයි විටෙක සිහි වේ  එහෙත්  අතැර යා නොහැක මග පොත් සිංදු චිත්‍රපට පිරිවරාගෙන ගෙවන්නට සැලසුම් කළ සෙනසුරාදාවන්  මිතුරියන් හා අත්වැල් පටලා  සිනාසෙන්නට සැලසුම් ඇඳි ඉරිදාවන් සිහින සැලසුම් ව පමණක්ව ඔහේ ගෙවී යයි වාර සටහන් දින සටහන්  ෆන්ශන් සුපර්විශන් වාර විභාග  අතරට  කැට් , ප්‍රැක්ටිකල් , ෆයිනල් එක්සෑම්  පිරුණු   ස්ට්‍රෙස්මය ජීවිතය උසුලාන ඇවිද යමි යූ ටියුබ් ප්ලේ ලිස්ට් එකක් තුල ඉදහිටක කියවෙන පොතක ඇඟිලි ගැන හමුවන මිතුරු හමුවක අහම්බෙන් බැලෙන චිත්‍රපටයක  සැඟවී හිදී මා සොයන ජීවිතය  සිහිල් සුළං රැල්ලක් සේ  Picture : from the internet