Posts

Showing posts from September, 2018

එ් තමයි මොහොත

Image
කලබලම සති අන්තෙක පොතක වග සොයන්නට පිවිසුනෙමි පොත්ගුලට ඇවිලු පන්දම නිවෙන්නට පෙර ගමන් යන මගියෙක් විලාසෙට ගියෙමි සුපුරුදු රාක්කය වෙත වාඩි වී රාක්කය පාමුල නුඹ හිදී දැහැනකට සමවැදී මෙන් පොතක් තුල ගිලීගෙන එ් තමයි මොහොත නුඹෙ දෑස් හා මා දෑස් ගැටුණ මහ දවාලක අකුණු පිපිරුණ                                          

හ්ම්ම්ම්ම්ම්ම්..............

Image
ඔහොම මං දිහා බලන් උන්නාම මං නුඹව සිප ගනීවියි හිතන්න එපා කෝ ඉතිං අහකට වෙන්න මට දැන් යන්න ඔනේ හරි මං හාදුවක් දුන්නයි කියමු බැරි වෙලාවත් නුඹ කුමාරයෙක් නොවුණොත්                                          

නිල් පාට ඇස් දෙක

බලන හැම අත පෙනෙයි ඔය රුව කියන් නුඹ කළ ඉන්ද්‍රජාලය පෙනෙන සිහිනත් නුඹම අරගෙන සිතේ පැතුමන් නුඹේ නමටම පියවි සිහියත් මගේ නැති කර සිහින ලෝකෙක මාව තනිකර දුර ගිහින් නිල් පාට ඇස් දෙක                                        

අම්මා ගෙදර නැති දවසට

ඔබ නොමැති එක් දිනක් කල්පයක් තරමට දිගුයි එකම එක දෙයක්වත් නිසි පරිදි සිදු නොවෙයි කකුල් ඇවිදින් බඩු මුට්ටු සෑම අතකම දිවෙයි තෙමි තෙමී වියලෙමින් රෙදි වැලක් සුළඟට සැලෙයි කොස්ස ඉදලට අද නිවාඩුයි ලිපත් ඇවිලී නැති හැඩයි ඇගේ අංකයම ගනිමින් දුර බනුවටත් වැඩ ගොඩයි ටු ඩූ ලිස්ට් එක දෙස බලාගෙන තාත්තා එහෙ මෙහෙ දුවයි ගෙනා ලෙසටම පත්තරය අර මේසෙ උඩ තවමත් තියෙයි ආච්චි සීයා බලාලා යලි හෙට උදේ අම්මා එතී යකුන් නැටු පිටියක් විලාසෙට නිවස හැඩ වී ඇතී