Posts

ස්ට්‍රෙස්මය ජීවිතය

Image
 පාන්දර හතරට ඇහැරීම යාර හයකින් සැරසීම හයේ කණිසමට නික්මීම දැන් හරිම සාමාන්‍ය කාරණා මරණීය බස්‍ රථ චාරිකා  කන් බිහිරි වන ගායනා  අතරතුර නිදා වැටීම හරිම සුපුරුදු කාරණා මෙයද මා සිහින දුටු ජීවිතය යැයි විටෙක සිහි වේ  එහෙත්  අතැර යා නොහැක මග පොත් සිංදු චිත්‍රපට පිරිවරාගෙන ගෙවන්නට සැලසුම් කළ සෙනසුරාදාවන්  මිතුරියන් හා අත්වැල් පටලා  සිනාසෙන්නට සැලසුම් ඇඳි ඉරිදාවන් සිහින සැලසුම් ව පමණක්ව ඔහේ ගෙවී යයි වාර සටහන් දින සටහන්  ෆන්ශන් සුපර්විශන් වාර විභාග  අතරට  කැට් , ප්‍රැක්ටිකල් , ෆයිනල් එක්සෑම්  පිරුණු   ස්ට්‍රෙස්මය ජීවිතය උසුලාන ඇවිද යමි යූ ටියුබ් ප්ලේ ලිස්ට් එකක් තුල ඉදහිටක කියවෙන පොතක ඇඟිලි ගැන හමුවන මිතුරු හමුවක අහම්බෙන් බැලෙන චිත්‍රපටයක  සැඟවී හිදී මා සොයන ජීවිතය  සිහිල් සුළං රැල්ලක් සේ  Picture : from the internet

At least you had to say Goodbye

 හුදෙකලා මාවතක  ඇවිද යන අතරතුර තරු එළියක් නෙත ගැටුනි මං සලකුණක් ලදිමියි තුටු උනෙමි  එය කෙමෙන් කෙමෙන්  මා සමග ඇවිද යන්නට විය මග කියන්නට විය  ඉතින් මා සොම්නසිනි තනිකම පලා යනවා දුටිමි ඒත් ටිකෙන් ටික  තරු එළිය දුරස් වන්නට විය  දොම්නස් වලාවන් සිත වෙලාගන්නට විය  පුරුදු තනිකම ළග රැදෙන්නට විය තරු එළිය වියැකුනි සමු ගැනීමක් නැතිවම යන්නට කාරණා නොකියා ම  තාමත් ඉදහිටක  අහස දෙස බලමි කදෝකිමි එළියක්වත්  නොපෙනෙනා විට  සන්‍තාපයෙන් පසුවෙමි 

හිත අවුලුවන මතක

Image
 මිය යන්න හැකිද ප්‍රේමයක්  කොච්චරක් නම් කල් ගියත් තියෙන්නට බැරිද  ශේෂ වූ නටඹුන්  විටින් විට ඇවිත්  හිත අවුලුවන  ඇසෙද්දී  කදුලු උල්පත් මවන ගී යළි පෙරලන්න නොහැකි පොත්  හයිලයිට් කළ ඡේද ඇති  මතක අවුස්සන මං පෙත් මග හරිමි සීරුවට  ඒත්, සමහර දවස් ඇත මග හැරපු ගීත  යළි යළිත් අසන  යළි නොකියවමී'යි  සපත කළ පොත් සොයා  අල්මාරි පීරන  නොදැනීම  හයිලයිට් කළ ඡේද බොදවන ඇතැම් දවස් ඇත නුඹේ ෆේස්බුක් ප්‍රොෆයිලය මත සීරුවට ඇවිද යන පැරණි නම්වරය  අංකනය කරන්නට සිත්වෙන නුඹ හොදින්දැයි පණිවිඩ ටයිප්වී යළි මකා දැමෙන                   

හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න.......

 ඇතැම් යහපත් ආත්ම  මෙලොව ආ කාරණා අවසන්ව හදිසියේ  නික්මෙයි තවත්  කල් ඉතිරිව තිබියදී බෝ දුකක ගිල්වා ලබැදීන් නුඹේ මතකය කිසිදා නොමැකේ මතක් වන වාරයක් පාසා හදවත සියුම් ව රිදුම් දේ සුබ ගමන් පුංචි දේව දූතයෝ  නුඹ පැතූ සැනසීම ලැබේවා ! නුඹ නොදැන නුඹ දෙස නිහඩව බලා සිටි අයෙක් විසිනි. 

සිකුරාදා හවස්වරු

Image
 සිකුරාදා හවස්වරු  තුටින් ඉපිලෙන්න කාරණා  මැවෙන වරු සතියක ඇවෑමෙන්  නුඹ එන බවට  ඉගි ලැබෙන වරු කුස්සිය පුරාවට  නෙක සුවඳ පැතිරෙයි රෝස පදුරට සමුදී  රෝස මල් කිනිති  සාලෙ හිද හිනැහෙයි සිහින් සරින් කසුන් කල්හාර  කොළ පාට හැලුණු  ඈත නිම්නයක් ගැන ගයයි හවස පහේ කනිසමට   දුම්රියේ නළාව ඇසෙයි  සතියක වෙහෙස දරාගෙන නුඹ ගෙට ගොඩ වෙද්දි  මං ඉන්නෙ  තුටින් ඉපිලෙන හදවතින්  ඉඟුරු දාපු ප්ලේන්ටි ගෙදර හදාපු චොකලට් කේක්  දිග කතාවකට රස විරාම  බැල්කනියෙ අයිනක  කළාල මත සාදය ඇරඹෙයි සතියක නිහඬ බව බිදී කතා මලු සිනා සේල දිග හැරෙයි තරු එකින් එක පායා එයි සිහිල් සුළගක එතී සමන් පිච්ච සුවදක් දැනෙයි ජීවිතේ සුන්දර ද මෙතරම්  නුඹ අසළ දී මට සිතෙයි                         

නුඹ දිහා බලන් උ(ඉ)න්නේ මමයි

Image
 මුහුණු පොත සිසාරා ඔහේ යන විටෙක  අහම්බෙන් නෙත ගැටුන ඔය උවන මා සසල කළ තරම  ඉතින් ඒ කාලෙ  දවසට වරක් හෝ  නුඹ දැකුම  මට තිබු එකම පැතුමයි ලයිබ්‍රියෙ දී පොතකට මුවා වී උදා රැස්වීමෙ මිතුරියන් අතරින්  මං බලා සිටියේ සිනාසෙන ඔය උවන නම පවා  නොදැන  නුඔව ලුහුබැන්ද  ඒ ගැහැණු ළමයා මම ළඟ උන්න සකියන්ට  නොදැනෙන්න  පංතිය අසළින්  අහම්බකාරක ගමන් යන  නුඹ දිහා බලන් උන්නේ මම  ඉස්සරහ පේළියේ උන්න නයිල් නිම්නයේ අතරමං උන දාදු කැටයක් උඩ දැමූ විට අංක 2 වැටීම සම්භාවිතාවය හෙව්ව කිදුරු වළපේ කවි කිව්ව බොබ් කට් කපපු ගැහැණු ළමයාව හීන ලෝකෙක පා කළේ නුඹ  දෙවියනේ !!!! ඒ කාලෙ සිටි කියුට්ටන් කොලුවා දැන් හරිම මැචුවර්ඩ් පාටයි ඒත් අර දගකාර හිනාව තාම ඒ විදියමයි රැවුල හා කරාබුව  තවම මට නුහුරුයි නිල් පාට කමීසෙට නුඹ හරිම හැඩයි දැන් ඉතින් ආයෙම  නුඹව ලුහුබදිමි නුඹේ නෙක පිංතූර  ගැලරියේ පුරවමි හාට් රිඇක්ෂන් කමෙන්ටු අතර අයිතිවාසිකම් ඇත්දැයි සොයමි තිබුණත් , අනේ මට මොකෝ තියරිය අනුගමනය කරමි ඉතින් සබද , වසර ගණනක් ඉපැරැණි  පිංතූරයකට  හදව...

බැදෙන්නට හේතු සොයා ගමු අපි අපිම

Image
 හරි තදින් අල්ලාන ඉදිමු අත් අද උරුම දුක් සුසුම්  නිමාවක් දකින තුරු පෙර වින්ද ඒ සිනා ගඟක් වී ගලන තුරු  බිදෙන්නට කාරණා බොහොමයක් මැවෙන විට බැදෙන්නට හේතු සොයාගමු අපි අපි ම අතින් අත පටලා  එක මගක යන්නට දුටු හීන කෙදින හෝ සැබෑවක් විය යුතුය  ජීවන ගමන බොහෝ දුර  නුඹ සමග යා යුතුය