වෙසක් සඳ
බෝ අතු සිලි සිලියේ
වෙසක් පහන් දිලුනේ
තෙමගුල සිහි කෙරුනේ
බුදු හිමි ගුණ ගැයුනේ
වෙසක් සදේ සඳ එළියෙන් ලොව නැහැවෙනවා
තුරු වැල් පිස සීත සුළං දසත හමනවා
වෙහෙර මළුව සිල් සුවඳින් ඉතිරී යනවා
බෝ සමිදුගෙ සෙවණින් කරුණා ඉතිරෙනවා
Comments
Post a Comment