At least you had to say Goodbye
හුදෙකලා මාවතක
ඇවිද යන අතරතුර
තරු එළියක් නෙත ගැටුනි
මං සලකුණක් ලදිමියි තුටු උනෙමි
එය කෙමෙන් කෙමෙන්
මා සමග ඇවිද යන්නට විය
මග කියන්නට විය
ඉතින් මා සොම්නසිනි
තනිකම පලා යනවා දුටිමි
ඒත් ටිකෙන් ටික
තරු එළිය දුරස් වන්නට විය
දොම්නස් වලාවන් සිත වෙලාගන්නට විය
පුරුදු තනිකම ළග රැදෙන්නට විය
තරු එළිය වියැකුනි
සමු ගැනීමක් නැතිවම
යන්නට කාරණා නොකියා ම
තාමත් ඉදහිටක
අහස දෙස බලමි
කදෝකිමි එළියක්වත්
නොපෙනෙනා විට
සන්‍තාපයෙන් පසුවෙමි
Comments
Post a Comment