At least you had to say Goodbye

 හුදෙකලා මාවතක 

ඇවිද යන අතරතුර

තරු එළියක් නෙත ගැටුනි

මං සලකුණක් ලදිමියි තුටු උනෙමි 

එය කෙමෙන් කෙමෙන් 

මා සමග ඇවිද යන්නට විය

මග කියන්නට විය 

ඉතින් මා සොම්නසිනි

තනිකම පලා යනවා දුටිමි


ඒත් ටිකෙන් ටික 

තරු එළිය දුරස් වන්නට විය 

දොම්නස් වලාවන් සිත වෙලාගන්නට විය 

පුරුදු තනිකම ළග රැදෙන්නට විය

තරු එළිය වියැකුනි

සමු ගැනීමක් නැතිවම

යන්නට කාරණා නොකියා ම 


තාමත් ඉදහිටක 

අහස දෙස බලමි

කදෝකිමි එළියක්වත් 

නොපෙනෙනා විට 

සන්‍තාපයෙන් පසුවෙමි 



Comments

Popular posts from this blog

ස්ට්‍රෙස්මය ජීවිතය

මේ ලියන්නේ නුඹටයි

ඉමිහිරිම රහසක්