ස්ට්‍රෙස්මය ජීවිතය

 පාන්දර හතරට ඇහැරීම

යාර හයකින් සැරසීම

හයේ කණිසමට නික්මීම

දැන් හරිම සාමාන්‍ය කාරණා


මරණීය බස්‍ රථ චාරිකා 

කන් බිහිරි වන ගායනා 

අතරතුර නිදා වැටීම

හරිම සුපුරුදු කාරණා


මෙයද මා සිහින දුටු ජීවිතය යැයි

විටෙක සිහි වේ 

එහෙත් 

අතැර යා නොහැක මග


පොත් සිංදු චිත්‍රපට පිරිවරාගෙන

ගෙවන්නට සැලසුම් කළ සෙනසුරාදාවන් 

මිතුරියන් හා අත්වැල් පටලා 

සිනාසෙන්නට සැලසුම් ඇඳි ඉරිදාවන්

සිහින සැලසුම් ව පමණක්ව ඔහේ ගෙවී යයි


වාර සටහන් දින සටහන් 

ෆන්ශන් සුපර්විශන් වාර විභාග 

අතරට 

කැට් , ප්‍රැක්ටිකල් , ෆයිනල් එක්සෑම් 

පිරුණු  

ස්ට්‍රෙස්මය ජීවිතය උසුලාන ඇවිද යමි


යූ ටියුබ් ප්ලේ ලිස්ට් එකක් තුල

ඉදහිටක කියවෙන පොතක

ඇඟිලි ගැන හමුවන මිතුරු හමුවක

අහම්බෙන් බැලෙන චිත්‍රපටයක 

සැඟවී හිදී මා සොයන ජීවිතය 

සිහිල් සුළං රැල්ලක් සේ 



Picture : from the internet



Comments

  1. හ්ම්. අපි හැමෝම ජීවත් වෙන්න ඕන නිසා හදාගත් ජීවිතය ඇතුලෙ ජීවත්වෙනව වගේ වැඩක් තමයි වෙන්නෙ... 💔😣

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මේ ලියන්නේ නුඹටයි

ඉමිහිරිම රහසක්