බැදෙන්නට හේතු සොයා ගමු අපි අපිම
හරි තදින් අල්ලාන ඉදිමු අත්
අද උරුම දුක් සුසුම්
නිමාවක් දකින තුරු
පෙර වින්ද ඒ සිනා
ගඟක් වී ගලන තුරු
බිදෙන්නට කාරණා
බොහොමයක් මැවෙන විට
බැදෙන්නට හේතු සොයාගමු අපි අපි ම
අතින් අත පටලා
එක මගක යන්නට
දුටු හීන කෙදින හෝ
සැබෑවක් විය යුතුය
ජීවන ගමන බොහෝ දුර
නුඹ සමග යා යුතුය

Comments
Post a Comment