අම්මා ගෙදර නැති දවසට
ඔබ නොමැති එක් දිනක්
කල්පයක් තරමට දිගුයි
එකම එක දෙයක්වත්
නිසි පරිදි සිදු නොවෙයි
කකුල් ඇවිදින් බඩු මුට්ටු
සෑම අතකම දිවෙයි
තෙමි තෙමී වියලෙමින්
රෙදි වැලක් සුළඟට සැලෙයි
කොස්ස ඉදලට අද නිවාඩුයි
ලිපත් ඇවිලී නැති හැඩයි
ඇගේ අංකයම ගනිමින්
දුර බනුවටත් වැඩ ගොඩයි
ටු ඩූ ලිස්ට් එක දෙස බලාගෙන
තාත්තා එහෙ මෙහෙ දුවයි
ගෙනා ලෙසටම පත්තරය අර
මේසෙ උඩ තවමත් තියෙයි
ආච්චි සීයා බලාලා යලි
හෙට උදේ අම්මා එතී
යකුන් නැටු පිටියක් විලාසෙට
නිවස හැඩ වී ඇතී
කල්පයක් තරමට දිගුයි
එකම එක දෙයක්වත්
නිසි පරිදි සිදු නොවෙයි
කකුල් ඇවිදින් බඩු මුට්ටු
සෑම අතකම දිවෙයි
තෙමි තෙමී වියලෙමින්
රෙදි වැලක් සුළඟට සැලෙයි
කොස්ස ඉදලට අද නිවාඩුයි
ලිපත් ඇවිලී නැති හැඩයි
ඇගේ අංකයම ගනිමින්
දුර බනුවටත් වැඩ ගොඩයි
ටු ඩූ ලිස්ට් එක දෙස බලාගෙන
තාත්තා එහෙ මෙහෙ දුවයි
ගෙනා ලෙසටම පත්තරය අර
මේසෙ උඩ තවමත් තියෙයි
ආච්චි සීයා බලාලා යලි
හෙට උදේ අම්මා එතී
යකුන් නැටු පිටියක් විලාසෙට
නිවස හැඩ වී ඇතී
Comments
Post a Comment