එ් තමයි මොහොත

කලබලම සති අන්තෙක
පොතක වග සොයන්නට
පිවිසුනෙමි පොත්ගුලට

ඇවිලු පන්දම නිවෙන්නට පෙර
ගමන් යන මගියෙක් විලාසෙට
ගියෙමි සුපුරුදු රාක්කය වෙත

වාඩි වී
රාක්කය පාමුල
නුඹ හිදී
දැහැනකට සමවැදී මෙන්
පොතක් තුල ගිලීගෙන

එ් තමයි මොහොත
නුඹෙ දෑස් හා මා දෑස් ගැටුණ
මහ දවාලක අකුණු පිපිරුණ

                                         

Comments

Popular posts from this blog

ස්ට්‍රෙස්මය ජීවිතය

මේ ලියන්නේ නුඹටයි

ඉමිහිරිම රහසක්