හිත අවුලුවන මතක
මිය යන්න හැකිද ප්‍රේමයක් කොච්චරක් නම් කල් ගියත් තියෙන්නට බැරිද ශේෂ වූ නටඹුන් විටින් විට ඇවිත් හිත අවුලුවන ඇසෙද්දී කදුලු උල්පත් මවන ගී යළි පෙරලන්න නොහැකි පොත් හයිලයිට් කළ ඡේද ඇති මතක අවුස්සන මං පෙත් මග හරිමි සීරුවට ඒත්, සමහර දවස් ඇත මග හැරපු ගීත යළි යළිත් අසන යළි නොකියවමී'යි සපත කළ පොත් සොයා අල්මාරි පීරන නොදැනීම හයිලයිට් කළ ඡේද බොදවන ඇතැම් දවස් ඇත නුඹේ ෆේස්බුක් ප්‍රොෆයිලය මත සීරුවට ඇවිද යන පැරණි නම්වරය අංකනය කරන්නට සිත්වෙන නුඹ හොදින්දැයි පණිවිඩ ටයිප්වී යළි මකා දැමෙන