නුඹ මගේ ළඟ
අනෝරා වැස්සක
ගිනිගත් මද්දහනක
ලා නිල් කුඩය යට
නුඹ පා නඟන විට
දියබත්ව වැස්සට
පිච්චෙමින් අව්වට
මමද ගෑටුවෙමි
නුඹේ පසුපස
මගේ ඇස් නුඹ දෙස
නුඹේ ඇස් වෙනතක
යන්ත්තමින්වත් බැලුවද
එක් වරක් හෝ මා දෙස
බිම බලන් එන නුඹ
බිම බලන් යන විට
මගේ හද ගැහෙන රාවය
ඇසුනෙවත් නැතිද
අහම්බයකින් හෝ නෙත් මුණගැසුන විට
කිම අහක බැලුවේ
කලු කුමාරයා සේ පෙනුනිදෝ මම
ඉතින් ඒ තරැ ඇස් හොඳටෝම ඇති මට
ඊලඟ ඉරිදාව තෙක් හුස්ම ගන්නට
කාලයේ ඇවෑමෙන්
සදහටම නුඹ මගේ ළඟ
ගෙවන්නට වෙයි නුඹට ඒ සියල්ලට
ආදරය දී මාහට
ජීවිතය පුරාවට
ගිනිගත් මද්දහනක
ලා නිල් කුඩය යට
නුඹ පා නඟන විට
දියබත්ව වැස්සට
පිච්චෙමින් අව්වට
මමද ගෑටුවෙමි
නුඹේ පසුපස
මගේ ඇස් නුඹ දෙස
නුඹේ ඇස් වෙනතක
යන්ත්තමින්වත් බැලුවද
එක් වරක් හෝ මා දෙස
බිම බලන් එන නුඹ
බිම බලන් යන විට
මගේ හද ගැහෙන රාවය
ඇසුනෙවත් නැතිද
අහම්බයකින් හෝ නෙත් මුණගැසුන විට
කිම අහක බැලුවේ
කලු කුමාරයා සේ පෙනුනිදෝ මම
ඉතින් ඒ තරැ ඇස් හොඳටෝම ඇති මට
ඊලඟ ඉරිදාව තෙක් හුස්ම ගන්නට
කාලයේ ඇවෑමෙන්
සදහටම නුඹ මගේ ළඟ
ගෙවන්නට වෙයි නුඹට ඒ සියල්ලට
ආදරය දී මාහට
ජීවිතය පුරාවට

Comments
Post a Comment