නුඹ පැළැන්දූ ඒ මුදුව

 
වික්ටෝරියා උයන
හුරු පුරුදු තුරු සෙවන
නෙත ගැටෙනවා තවම
නුඹ එක්ක කළ සංවාද වල
මතක පිටු පෙරලෙයි හනික

මැරින් ඩ්‍රයිව් දිගේ
නුඹ නැතිව අද
ඇවිද යමි මම
ඇසෙනවා මෙනි නුඹෙ සිනා හඬ

දකින විට නිරතුරුව
නුඹ පැළැන්දූ ඒ මුදුව
රිදුම් දේ හදවතම
මුදුව සිප ගත්ත ද
බේරෙ වැව් පතුල
නුඹ තවම සිප ගනී
මගේ හද පත්ල


                                                  
                                                 



Comments

Post a Comment

Popular posts from this blog

ස්ට්‍රෙස්මය ජීවිතය

මේ ලියන්නේ නුඹටයි

ඉමිහිරිම රහසක්