මං ගැනම තරහයි



                                           

                                         

ඇත්තමයි දැන් මට
මං ගැනම තරහයි
ඇයි මට බැරි වුනේ
ඔය කෙහෙ රැළි අතර
දැවටෙන සුළඟ වෙන්නට

නුඹෙ නළලෙ තිලකයත්
මට වඩා වාසනාවන්තයි
ඔය තෝඩු පවා
මට ඔච්චම් කරන ගානයි

මට ඕනෙ
නුඹේ සිනහවට
හේතුව වෙන්න
ඔය රතු වෙන
කම්මුල් දිහා
හැමදාම බලන් ඉන්න


Comments

Popular posts from this blog

ස්ට්‍රෙස්මය ජීවිතය

මේ ලියන්නේ නුඹටයි

ඉමිහිරිම රහසක්