Posts

වෙසක් සඳ

බෝ අතු සිලි සිලියේ වෙසක් පහන් දිලුනේ තෙමගුල සිහි කෙරුනේ බුදු හිමි ගුණ ගැයුනේ   වෙසක් සදේ සඳ එළියෙන් ලොව       නැහැවෙනවා තුරු වැල් පිස සීත සුළං දසත             හමනවා වෙහෙර මළුව සිල් සුවඳින් ඉතිරී      යනවා බෝ සමිදුගෙ සෙවණින් කරුණා        ඉතිරෙනවා        

නේවාසිකාගාරයේ සිට ලියමි

Image
 සබරගමු අහස් කුස පිරි නේක තරු රටා රජරට අහසටත් පේනවද ඒ වගෙම  පෙර වගේ බෑ දැන්  නිතර දොඩමළු වෙන්න  ඉතින් මං හැමදේම  අද කීවා තරු එක්ක  වෙනදා තිබු සැහැල්ලුව  හොරු අරන් ගොස් වගේ ඉස්පාසුවක් නැතිව ගෙවී යයි ජීවිතේ  සුළග හා මුමුණපු  විදාහල කොණ්ඩය   බදිමි ගුලි කර  ශ්වේත පැහැ ඔසරියට ප්‍රසන්ටේෂන් අසයිමන්ට් මැද දින ගෙවෙයි නොදැනීම  අලුත් ජීවිතය මට  බොහෝ දේ උගැන්විය  විඩාබර දවස් ඇත  අනේ මට බෑ හිතෙන  ඉතින් ඒ වෙලාවට  නුඹෙ වදන් සිහි කරමි හැම රෑම  නුඹෙ දුරබනුව  මා නමින් නොහැඩුවට  එපා අහිතක් හිතන්නට දම් පාට හදවතක්  වට්ස් ඇප්හි අමුණමි හැමදාම නුඹෙ නමට                  💜️

Good souls go too earlier

 ඉතා හොද මිනිසුන්  ඉක්මන් ගමන් යයි මෙලොව ආ කාරණා  අවසන් වූ සැනින් නැවත යන දේව ආත්ම  දැයි විටෙක සිතේ නොදන්නා මිනිසුන්  පවා හඩවා හදවත කීතු කර දමා කිසිදා අමතක නොවන ලෙස ලෝකයට අවැසි  නුඹ වැනි මිනිසුන්  මෙලොවින් නික්මේ ඇයි හොද මිනිස්සුන්ටම  මෙහෙම වෙන්නෙ  යන පැනය පමණක්  ඉතිරි කර  අද ද එවැන්නෙකුගේ  නික්ම යාමකි ඉතිං සුබ ගමන් සහෝදරයා 

එකම සැනසීම

 කාලෙකින් නොලීවේ අමතක වී නොවේ නහය ළගටම එරීගෙන  හොදටෝම වැඩ ඇත පෝලිමේ එන අසයිමන්ට් කරලාම නිමක් නැත  නෝට් ලියලම අතේ කරගැටත් ඇවිත් දැන්    ඔන්ලයින් ඔන්ලයින්  ඇහිලාම එපා විය ඒ සියලු වැඩ අතර ඇති එකම සැනසීම  දෑස් පියු ඇසිල්ලක  මැවෙන නුඹෙ සිනාවය

හමුනොවුනු හමුවීම්

Image
ඒ කොෆි ෂොප් එක අපි මුලින්ම හමුවුණු   තැන නැහැ මම මුලින්ම නුඹව දැකපු තැන නුඹ ඇය සමග සිනාසෙද්දී මම තනිවම සිනාසුණු තැන නුඹ හා ඇය දොඩමළු වන අතර මම සිහින දුටුව තැන නුඹත් ඇයත් දෙස බලා මා තුටු වූ තැන නුඹ හැමදාක ඇය හමුවුණු අපි හැමදාම කැපචිනෝ තොලගාපු තැන  

නුඹේ හමුවීම ම සිහිනයකි

Image
නුඹව සිහිකරමි මතක අස්සේ කිමිදෙමි එදවස් යලි නේන බව දනිමි එහෙත් මම පතමි දකී නුඔ නිතර යනෙනු ඔබමොබ මුනගැසෙන ඇසිල්ලක සිනහ රැලි පාවෙයි දෙපස ඇසින් ඇස හමුවනා විටදි කියනා කතා බොහෝ දේ පවසනා විලස එය නොදැනෙනා දෙදෙනාම ඉන්නවා දිනෙක අප හමුවේද කතාවක් ලියැවේද කිසිත් කිසිදා නොදැන දිනෙක අප වෙන්වේද හිමි වුවද නොවූවද හමුවීම පමණක්ම ඇතිය මට සැනසෙන්න නුඹෙ මතක කිසිදාක හදවතෙහි නොමැකේය                 💜️  

නුඹ

Image
    ලියන්නට අවැසි වුව කෙසේ පටන් ගෙන කෙසේ අවසන් කරම්දැයි සිතා ගතනොහැකි  ලිවීමට  අවැසිම  කවිය  නුඹ  💜