Posts

ඒ හසරැල්ල

Image
කහ ඉරක් නොපෙනෙනා මානෙක පාර පැනගත නොහැකිව ලතවමෙින් සිටිද්දී මම නුඹ පැමින පසෙකින් සිටගත් පසු ඉහල ගත් හුස්ම පහත දැමිය හැකිවීය මට හිනා මල් ස්තූතියක් පෑමට බැලූමුත් මුව එරෙව්වෙමි මා ඒ ඔච්චම් හිනාවට ගියමුත් අපි එක්ව පාරේ අනෙක් පසට වෙන්ව යායුතු බැව් හැඟුන විට දෙපසකට නුඹ පෑව ඒ හසරැල්ල අමතක කරනු බැරිවීය තවම මට                                  

වසන්තය

Image
වසන්තය ඒවි නොසිතූ මොහොතක දිවි උයනේ මල් පූදන්නට පියාඹා යාවි සමනලුන් ඇසේවි නුඹට උන් තටු සලන හඬ බලා හිදීවි මද නළත් නුඹව සිප ගන්න වෙනදාට ඇසෙන කුරුලු කිචිබිචිය ඇසේවි මිහිරි ගී තනුවක්ව ඉතින් හැර තබා දොර පියන් සැරසෙන්න වසන්තය ආයුබෝවන් කියා පිළිගන්න                                              

නුඹ පැළැන්දූ ඒ මුදුව

Image
  වික්ටෝරියා උයන හුරු පුරුදු තුරු සෙවන නෙත ගැටෙනවා තවම නුඹ එක්ක කළ සංවාද වල මතක පිටු පෙරලෙයි හනික මැරින් ඩ්‍රයිව් දිගේ නුඹ නැතිව අද ඇවිද යමි මම ඇසෙනවා මෙනි නුඹෙ සිනා හඬ දකින විට නිරතුරුව නුඹ පැළැන්දූ ඒ මුදුව රිදුම් දේ හදවතම මුදුව සිප ගත්ත ද බේරෙ වැව් පතුල නුඹ තවම සිප ගනී මගේ හද පත්ල                                                                                                     

ඇයි

Image
ඇයි මං හිනා නොවුනෙ ඇයි මං ආයෙම නොබැලුවෙ ඇයි මේ කිසිදා නොදැනුනු පසුතැවීමක් දැනෙන්නෙ ඇත්තටම ඇයි මෙහෙම හිතෙන්නෙ                                                         

නුඹ මගේ ළඟ

Image
අනෝරා වැස්සක ගිනිගත් මද්දහනක ලා නිල් කුඩය යට නුඹ පා නඟන විට දියබත්ව වැස්සට පිච්චෙමින් අව්වට මමද ගෑටුවෙමි නුඹේ පසුපස මගේ ඇස් නුඹ දෙස නුඹේ ඇස් වෙනතක යන්ත්තමින්වත් බැලුවද එක් වරක් හෝ මා දෙස බිම බලන් එන නුඹ බිම බලන් යන විට මගේ හද ගැහෙන රාවය ඇසුනෙවත් නැතිද අහම්බයකින් හෝ නෙත් මුණගැසුන විට කිම අහක බැලුවේ කලු කුමාරයා සේ පෙනුනිදෝ මම ඉතින් ඒ තරැ ඇස් හොඳටෝම ඇති මට ඊලඟ ඉරිදාව තෙක් හුස්ම ගන්නට කාලයේ ඇවෑමෙන් සදහටම නුඹ මගේ ළඟ ගෙවන්නට වෙයි නුඹට ඒ සියල්ලට ආදරය දී මාහට ජීවිතය පුරාවට

රාත්‍රිය සොඳුරුමය

Image
රාත්‍රී අඳුරට අසිරි පතමින් සඳ කුමරිය වලා ගැබින් මිදුනා ඇගේ තනිය මකාලන්න තරු කැට පෙළ ගැසුනා කඩුපුල් කුමුදු සේපාලිකා සුවඳ දිදී පිපුණා සුවඳ අරන් සීත සුළං හෙමි හෙමිහිට ඇදී ගියා මලට තනිය නොදැනෙන්නට කලාමැදිරි එළි තිබුණා සඳේ එළිය ගං දිය මත අලංකාර රූ මැව්වා

BOOKS

Image
Books are ladders To go high How nice Walk along the letters Jump among the pages They give various experiences Without any walking Never forget the power A tea and a good book Books are friends Never give up us Can't steal any one The knowledge Which we got from books So , Let's read To be a walking dictionary