Posts

ස්ට්‍රෙස්මය ජීවිතය

Image
 පාන්දර හතරට ඇහැරීම යාර හයකින් සැරසීම හයේ කණිසමට නික්මීම දැන් හරිම සාමාන්‍ය කාරණා මරණීය බස්‍ රථ චාරිකා  කන් බිහිරි වන ගායනා  අතරතුර නිදා වැටීම හරිම සුපුරුදු කාරණා මෙයද මා සිහින දුටු ජීවිතය යැයි විටෙක සිහි වේ  එහෙත්  අතැර යා නොහැක මග පොත් සිංදු චිත්‍රපට පිරිවරාගෙන ගෙවන්නට සැලසුම් කළ සෙනසුරාදාවන්  මිතුරියන් හා අත්වැල් පටලා  සිනාසෙන්නට සැලසුම් ඇඳි ඉරිදාවන් සිහින සැලසුම් ව පමණක්ව ඔහේ ගෙවී යයි වාර සටහන් දින සටහන්  ෆන්ශන් සුපර්විශන් වාර විභාග  අතරට  කැට් , ප්‍රැක්ටිකල් , ෆයිනල් එක්සෑම්  පිරුණු   ස්ට්‍රෙස්මය ජීවිතය උසුලාන ඇවිද යමි යූ ටියුබ් ප්ලේ ලිස්ට් එකක් තුල ඉදහිටක කියවෙන පොතක ඇඟිලි ගැන හමුවන මිතුරු හමුවක අහම්බෙන් බැලෙන චිත්‍රපටයක  සැඟවී හිදී මා සොයන ජීවිතය  සිහිල් සුළං රැල්ලක් සේ  Picture : from the internet

At least you had to say Goodbye

 හුදෙකලා මාවතක  ඇවිද යන අතරතුර තරු එළියක් නෙත ගැටුනි මං සලකුණක් ලදිමියි තුටු උනෙමි  එය කෙමෙන් කෙමෙන්  මා සමග ඇවිද යන්නට විය මග කියන්නට විය  ඉතින් මා සොම්නසිනි තනිකම පලා යනවා දුටිමි ඒත් ටිකෙන් ටික  තරු එළිය දුරස් වන්නට විය  දොම්නස් වලාවන් සිත වෙලාගන්නට විය  පුරුදු තනිකම ළග රැදෙන්නට විය තරු එළිය වියැකුනි සමු ගැනීමක් නැතිවම යන්නට කාරණා නොකියා ම  තාමත් ඉදහිටක  අහස දෙස බලමි කදෝකිමි එළියක්වත්  නොපෙනෙනා විට  සන්‍තාපයෙන් පසුවෙමි 

හිත අවුලුවන මතක

Image
 මිය යන්න හැකිද ප්‍රේමයක්  කොච්චරක් නම් කල් ගියත් තියෙන්නට බැරිද  ශේෂ වූ නටඹුන්  විටින් විට ඇවිත්  හිත අවුලුවන  ඇසෙද්දී  කදුලු උල්පත් මවන ගී යළි පෙරලන්න නොහැකි පොත්  හයිලයිට් කළ ඡේද ඇති  මතක අවුස්සන මං පෙත් මග හරිමි සීරුවට  ඒත්, සමහර දවස් ඇත මග හැරපු ගීත  යළි යළිත් අසන  යළි නොකියවමී'යි  සපත කළ පොත් සොයා  අල්මාරි පීරන  නොදැනීම  හයිලයිට් කළ ඡේද බොදවන ඇතැම් දවස් ඇත නුඹේ ෆේස්බුක් ප්‍රොෆයිලය මත සීරුවට ඇවිද යන පැරණි නම්වරය  අංකනය කරන්නට සිත්වෙන නුඹ හොදින්දැයි පණිවිඩ ටයිප්වී යළි මකා දැමෙන                   

හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න.......

 ඇතැම් යහපත් ආත්ම  මෙලොව ආ කාරණා අවසන්ව හදිසියේ  නික්මෙයි තවත්  කල් ඉතිරිව තිබියදී බෝ දුකක ගිල්වා ලබැදීන් නුඹේ මතකය කිසිදා නොමැකේ මතක් වන වාරයක් පාසා හදවත සියුම් ව රිදුම් දේ සුබ ගමන් පුංචි දේව දූතයෝ  නුඹ පැතූ සැනසීම ලැබේවා ! නුඹ නොදැන නුඹ දෙස නිහඩව බලා සිටි අයෙක් විසිනි. 

සිකුරාදා හවස්වරු

Image
 සිකුරාදා හවස්වරු  තුටින් ඉපිලෙන්න කාරණා  මැවෙන වරු සතියක ඇවෑමෙන්  නුඹ එන බවට  ඉගි ලැබෙන වරු කුස්සිය පුරාවට  නෙක සුවඳ පැතිරෙයි රෝස පදුරට සමුදී  රෝස මල් කිනිති  සාලෙ හිද හිනැහෙයි සිහින් සරින් කසුන් කල්හාර  කොළ පාට හැලුණු  ඈත නිම්නයක් ගැන ගයයි හවස පහේ කනිසමට   දුම්රියේ නළාව ඇසෙයි  සතියක වෙහෙස දරාගෙන නුඹ ගෙට ගොඩ වෙද්දි  මං ඉන්නෙ  තුටින් ඉපිලෙන හදවතින්  ඉඟුරු දාපු ප්ලේන්ටි ගෙදර හදාපු චොකලට් කේක්  දිග කතාවකට රස විරාම  බැල්කනියෙ අයිනක  කළාල මත සාදය ඇරඹෙයි සතියක නිහඬ බව බිදී කතා මලු සිනා සේල දිග හැරෙයි තරු එකින් එක පායා එයි සිහිල් සුළගක එතී සමන් පිච්ච සුවදක් දැනෙයි ජීවිතේ සුන්දර ද මෙතරම්  නුඹ අසළ දී මට සිතෙයි                         

නුඹ දිහා බලන් උ(ඉ)න්නේ මමයි

Image
 මුහුණු පොත සිසාරා ඔහේ යන විටෙක  අහම්බෙන් නෙත ගැටුන ඔය උවන මා සසල කළ තරම  ඉතින් ඒ කාලෙ  දවසට වරක් හෝ  නුඹ දැකුම  මට තිබු එකම පැතුමයි ලයිබ්‍රියෙ දී පොතකට මුවා වී උදා රැස්වීමෙ මිතුරියන් අතරින්  මං බලා සිටියේ සිනාසෙන ඔය උවන නම පවා  නොදැන  නුඔව ලුහුබැන්ද  ඒ ගැහැණු ළමයා මම ළඟ උන්න සකියන්ට  නොදැනෙන්න  පංතිය අසළින්  අහම්බකාරක ගමන් යන  නුඹ දිහා බලන් උන්නේ මම  ඉස්සරහ පේළියේ උන්න නයිල් නිම්නයේ අතරමං උන දාදු කැටයක් උඩ දැමූ විට අංක 2 වැටීම සම්භාවිතාවය හෙව්ව කිදුරු වළපේ කවි කිව්ව බොබ් කට් කපපු ගැහැණු ළමයාව හීන ලෝකෙක පා කළේ නුඹ  දෙවියනේ !!!! ඒ කාලෙ සිටි කියුට්ටන් කොලුවා දැන් හරිම මැචුවර්ඩ් පාටයි ඒත් අර දගකාර හිනාව තාම ඒ විදියමයි රැවුල හා කරාබුව  තවම මට නුහුරුයි නිල් පාට කමීසෙට නුඹ හරිම හැඩයි දැන් ඉතින් ආයෙම  නුඹව ලුහුබදිමි නුඹේ නෙක පිංතූර  ගැලරියේ පුරවමි හාට් රිඇක්ෂන් කමෙන්ටු අතර අයිතිවාසිකම් ඇත්දැයි සොයමි තිබුණත් , අනේ මට මොකෝ තියරිය අනුගමනය කරමි ඉතින් සබද , වසර ගණනක් ඉපැරැණි  පිංතූරයකට  හදව...

බැදෙන්නට හේතු සොයා ගමු අපි අපිම

Image
 හරි තදින් අල්ලාන ඉදිමු අත් අද උරුම දුක් සුසුම්  නිමාවක් දකින තුරු පෙර වින්ද ඒ සිනා ගඟක් වී ගලන තුරු  බිදෙන්නට කාරණා බොහොමයක් මැවෙන විට බැදෙන්නට හේතු සොයාගමු අපි අපි ම අතින් අත පටලා  එක මගක යන්නට දුටු හීන කෙදින හෝ සැබෑවක් විය යුතුය  ජීවන ගමන බොහෝ දුර  නුඹ සමග යා යුතුය                      

මේ ලියන්නේ නුඹටයි

 මේ කවිය  නුඹට වග දන්නවා නම් අපිට තමයි කවුරුත්  කවි ලියන්නෙ නැත්තෙ යැයි  නෝක්කාඩු නොකියාවි තවත්  ඉතින්, මේ ලියන්නේ නුඹටයි මහා දෝමනස්සයක්  අසීරුවෙන්  දරා සිටිනා වග දනිමි මා පතන්නේ කෙසේ හෝ  සුවපත් වීමම පමණි  අතීතය සිහිනයකියි  බැහැර කළ නොහැකි බැව්  ඉදහිටක ලියැවෙන  රිදුම් ඇමිණූ නුඹෙ වදන් පවසයි හරිත පැහැ තුරු ලතා සතා සීපාවන් අතර නුඹ නිවෙනවා නම් මට ද අවැසි එයමැයි නුඹේ කාචයට හසු වන නෙක දසුන්  නෙතට රසදුනක් බව  කිව යුතුය  ජීවිතේ ඔහොමයි  දුක සැප සමබරයි ලැබීම් නොලැබීම් උරුමයි දරා ඉමු සීරුවට  සැනසීම නියතයි ඉතින් සුහද , මේ වර්ග කිලෝමීටර් හැටපන්දාහ ඇතුලෙ සමහරවිට  අපි හමුවේවි . ඒ නැතත් කොහේ හෝ සිට නුඹේ දෙස බලා සිටිනා වග කියමි .

කතා කරන ඇස්

Image
 දිගම දිග දවස් මේ ගෙවී යන්නෙ හරිම හෙමිහිට හැම දෙයක්ම  එකතැන නතර වෙලා  සොබාදහම ඇරෙන්න ඉතින්  මේ වසංගත කාලෙට කලින් එක වැහිබර දවසක  මට හමුවුණා කතා කරන ඇස් දෙකක්  ඔව්  කතා කරන ඇස් දෙකක් වැස්ස පායනකල්ම  පුස්තකාලෙ පඩිපෙළ ළඟට වෙලා ඒ ඇස් ගොඩක් දේවල් කීවා මං හිටියෙ බය වෙලා කිසිම දෙයක් හිතා ගන්න බැරුව මං කලින් දැකලා තිබුනෙ නෑනෙ  කතා කරන ඇස්  වැස්ස තුරල් උනාට පස්සෙ  මං හෙමීට කුඩෙත් දාගෙන ඇවිදගෙන ආවා  ඒත් මොකක්දෝ මන්දා හේතුවකට මං ආයෙම හැරිලා බැලුවා නෑ මට හැරිලා බැලුනා මං දැක්කා දිලිසෙන ඇස් දෙකක්  මූණ පුරා ඉහිරුණ හිනාවක්  ඒත් මට මතක නෑ  මං ආයෙම හිනා උනාද කියන්න                               (පිංතූරය  අන්තර්ජාලයෙනි)

වෙසක් සඳ

බෝ අතු සිලි සිලියේ වෙසක් පහන් දිලුනේ තෙමගුල සිහි කෙරුනේ බුදු හිමි ගුණ ගැයුනේ   වෙසක් සදේ සඳ එළියෙන් ලොව       නැහැවෙනවා තුරු වැල් පිස සීත සුළං දසත             හමනවා වෙහෙර මළුව සිල් සුවඳින් ඉතිරී      යනවා බෝ සමිදුගෙ සෙවණින් කරුණා        ඉතිරෙනවා        

නේවාසිකාගාරයේ සිට ලියමි

Image
 සබරගමු අහස් කුස පිරි නේක තරු රටා රජරට අහසටත් පේනවද ඒ වගෙම  පෙර වගේ බෑ දැන්  නිතර දොඩමළු වෙන්න  ඉතින් මං හැමදේම  අද කීවා තරු එක්ක  වෙනදා තිබු සැහැල්ලුව  හොරු අරන් ගොස් වගේ ඉස්පාසුවක් නැතිව ගෙවී යයි ජීවිතේ  සුළග හා මුමුණපු  විදාහල කොණ්ඩය   බදිමි ගුලි කර  ශ්වේත පැහැ ඔසරියට ප්‍රසන්ටේෂන් අසයිමන්ට් මැද දින ගෙවෙයි නොදැනීම  අලුත් ජීවිතය මට  බොහෝ දේ උගැන්විය  විඩාබර දවස් ඇත  අනේ මට බෑ හිතෙන  ඉතින් ඒ වෙලාවට  නුඹෙ වදන් සිහි කරමි හැම රෑම  නුඹෙ දුරබනුව  මා නමින් නොහැඩුවට  එපා අහිතක් හිතන්නට දම් පාට හදවතක්  වට්ස් ඇප්හි අමුණමි හැමදාම නුඹෙ නමට                  💜️

Good souls go too earlier

 ඉතා හොද මිනිසුන්  ඉක්මන් ගමන් යයි මෙලොව ආ කාරණා  අවසන් වූ සැනින් නැවත යන දේව ආත්ම  දැයි විටෙක සිතේ නොදන්නා මිනිසුන්  පවා හඩවා හදවත කීතු කර දමා කිසිදා අමතක නොවන ලෙස ලෝකයට අවැසි  නුඹ වැනි මිනිසුන්  මෙලොවින් නික්මේ ඇයි හොද මිනිස්සුන්ටම  මෙහෙම වෙන්නෙ  යන පැනය පමණක්  ඉතිරි කර  අද ද එවැන්නෙකුගේ  නික්ම යාමකි ඉතිං සුබ ගමන් සහෝදරයා 

එකම සැනසීම

 කාලෙකින් නොලීවේ අමතක වී නොවේ නහය ළගටම එරීගෙන  හොදටෝම වැඩ ඇත පෝලිමේ එන අසයිමන්ට් කරලාම නිමක් නැත  නෝට් ලියලම අතේ කරගැටත් ඇවිත් දැන්    ඔන්ලයින් ඔන්ලයින්  ඇහිලාම එපා විය ඒ සියලු වැඩ අතර ඇති එකම සැනසීම  දෑස් පියු ඇසිල්ලක  මැවෙන නුඹෙ සිනාවය

හමුනොවුනු හමුවීම්

Image
ඒ කොෆි ෂොප් එක අපි මුලින්ම හමුවුණු   තැන නැහැ මම මුලින්ම නුඹව දැකපු තැන නුඹ ඇය සමග සිනාසෙද්දී මම තනිවම සිනාසුණු තැන නුඹ හා ඇය දොඩමළු වන අතර මම සිහින දුටුව තැන නුඹත් ඇයත් දෙස බලා මා තුටු වූ තැන නුඹ හැමදාක ඇය හමුවුණු අපි හැමදාම කැපචිනෝ තොලගාපු තැන  

නුඹේ හමුවීම ම සිහිනයකි

Image
නුඹව සිහිකරමි මතක අස්සේ කිමිදෙමි එදවස් යලි නේන බව දනිමි එහෙත් මම පතමි දකී නුඔ නිතර යනෙනු ඔබමොබ මුනගැසෙන ඇසිල්ලක සිනහ රැලි පාවෙයි දෙපස ඇසින් ඇස හමුවනා විටදි කියනා කතා බොහෝ දේ පවසනා විලස එය නොදැනෙනා දෙදෙනාම ඉන්නවා දිනෙක අප හමුවේද කතාවක් ලියැවේද කිසිත් කිසිදා නොදැන දිනෙක අප වෙන්වේද හිමි වුවද නොවූවද හමුවීම පමණක්ම ඇතිය මට සැනසෙන්න නුඹෙ මතක කිසිදාක හදවතෙහි නොමැකේය                 💜️  

නුඹ

Image
    ලියන්නට අවැසි වුව කෙසේ පටන් ගෙන කෙසේ අවසන් කරම්දැයි සිතා ගතනොහැකි  ලිවීමට  අවැසිම  කවිය  නුඹ  💜                                              

එවන් මොහොතක

Image
දැන් අපි එකම අහසක් යටය තද බද වීදියක දුම්රියට දිව යන විටෙක අවන්හලක හෝ බස් රියක හමු විය හැකිය නුඹ මම එවන් මොහොතක සිනා රැල්ලක් පා කරනු මැන මා දිහාවට නොකර අමතක දෑස් දල්වා මුව අයා බලා හිදිනුයේ මමය                                        
Image
දේශනය ගලා යයි ඉදිරි පෙළ අසුනක නුඹ ඔහේ නිදි කිරයි නුඔ දිහා බලන් මම සිහින සයුරෙහි ගිලෙයි

මං ගැනම තරහයි

Image
                                                                                      ඇත්තමයි දැන් මට මං ගැනම තරහයි ඇයි මට බැරි වුනේ ඔය කෙහෙ රැළි අතර දැවටෙන සුළඟ වෙන්නට නුඹෙ නළලෙ තිලකයත් මට වඩා වාසනාවන්තයි ඔය තෝඩු පවා මට ඔච්චම් කරන ගානයි මට ඕනෙ නුඹේ සිනහවට හේතුව වෙන්න ඔය රතු වෙන කම්මුල් දිහා හැමදාම බලන් ඉන්න

බෝම්බ මැද පිපුණු රෝස

ඈ ආවෙ වෙෙරයෙන් දැවි දැවී මරාගෙන මැරෙන්න ඒත් ඇයට උනේ සයනයිඩ් කරල විසිකර මංගල සූත්‍රය පළදින්න නළලතේ සිංදූර් තවරන්න ආදරෙන් මත් වෙන්න ගිනි අවිය වෙනුවට ඔහුගෙ දරුවෙක් ඇකයෙ නළවන්න ඉතින් ඔන්න ඔහොමයි බෝම්බ පුපුරද්දි පවා රෝස මල් පිපුනෙ